තිස්සමහාරාම ටුවරිස් ගයිඩ්ට කොරෝනා වැළඳුණු හැටි බුද්ධි අංශ හෙළි කරයි!

October 16, 2020 at 1:49 pm | by emanisa.lk

හම්බන්තොට රෝහලට ඇතුළත් කරන ලද තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙකුට කොරෝනා වෛරසය ආසාධිත බවට ඊයේ (15) හඳුනා ගනු ලැබිණි.

ඔහු නිරෝධායනයට ලක් කර සිටියදී වෙනත් රෝග ලක්ෂණ කියමින් රෝහල් ගත වී ඇති අතර පසුව සිදුකරන පරීක්ෂණවල දී ඔහු කොරෝනා ආසාදිතයෙක් යයි හෙළි විය.

මෙම පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මගපෙන්වන්නකු ලෙස සේවය කරන්නෙක් වන අතර ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහු සහභාගී වූ විවාහ මංගල උත්සවයක දී බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මෙම සංචාරක මගපෙන්වන්නා සහභාගී වූ එම විවාහ මංගල උත්සවයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ පිරිසක් පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති අතර ඒ හරහා මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස