මිනුවන්ගොඩ පොකුරින් රෝහල් පිරී යයි! තවත් ඇඳං ඉතිරි රෝගීන් 251කට විතරයි!

October 14, 2020 at 2:52 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් සඳහා තවත් රෝහල්වල ඉතිරි වී ඇත්තේ ඇඳන් 251ක් පමණක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ලංකාවේ සියලු රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ඇඳං ඇත්තේ 1691ක් පමණක් වන අතර මේ වන විටත් ඉන් 1440ක් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා වෙන් කර වී ඇත.

ඒ අනුව තවත් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කළ හැක්කේ ඇඳං 251ක් පමණි.

කෙසේ වුවද පවතින තත්ත්වය අනුව කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි තවත් රෝහල් 147ක් සෞඛ්‍ය අංශ මගින් හඳුනා ගෙන තිබේ. එහි රෝගීන් 3000කට වඩා ප්‍රතිකාර කළ හැකිය.

මේ වන වටි IDH, වැලිකන්ද, ඉරණවිල, මිනුවන්ගොඩ, කොළඹ නැඟෙනහිර, හම්බන්තොට, කඹුරුගමුව, කාත්තන්කුඩි, නෙවිල් ප්‍රනාන්දු, තෙල්දෙණිය, හෝමාගම සහ පල්ලෙගම යන රෝහල් 13 කොරෝනා ආසාදිතයන් සඳහා සම්පූර්ණයෙන් වෙන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස