බ්‍රැන්ඩික්ස් සැමියා කොරෝනා ආසාදිතයෙක් බව සඟවා වැඩට ගිහින්! කටුනායක වෙළඳ කලාපේ 17කට කොරෝනා හැදිලා!

October 14, 2020 at 1:26 pm | by emanisa.lk

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු තම සැමියාගේ රෝග තත්ත්වය සඟවන ලද බිරිඳක් නිසා තවත් 17 දෙනෙකුට කොරෝනා වැළඳී තිබේ.

මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුම්වත් කරන ලද බවද ඔහු කීය.

‘මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයෙකුගේ බිරිඳක් රැකියාව කළා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවක. තමන්ගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් ආසාධනය වෙලා කියලා දැන දැනම අදාළ කාන්තාව රැකියාවට ගිහින් තිබුණා.

මේ ගැන අපේ බුද්ධි අංශ කරුණු හොයාගෙන අදාළ කර්මාන්ත ශාලාවට ගිහින් දැනුම්වත් කළා. පස්සේ ඒ කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණවලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගෙන තිබෙනවා. මේ වෛරසය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා අවධානයෙන් පසුවන එකයි සිදුකරන්න ඕන”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස