ලංකාවේ කොරෝනා පාලනය කළ කතාව බොරු! ආසියාවේ ලොකුම කොරෝනා පොකුර තියෙන්නේ ලංකාවේ!- ජවිපෙ

May 30, 2020 at 5:32 pm | by emanisa.lk

ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනියේ පැවති රතුඉර වැඩසටහනට එක්වෙමිනි.

නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා පොකුර ආසියාවේ විශාලතම කොරෝනා පොකුර බවද ඔහු සඳහන් කළේය.

නාවික හමුදාවේ මෙතරම් විශාල කොරෝනා පොකුරක් ඇති වූයේ ආණ්ඩුවේ වැරදි නිසා බවත් එම සෙබළුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීමේ වරදින් ඒ ඇති වුවත් ඔහු පැවසීය.

මෙරට තුලගළ කොරෝනා හොඳට පාලනය කළේ නම් වක්‍රය උඩට යන්නේ නැති බවත් එය පහළට යා යුතු බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස