රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට පත් කළ විද්වත් කමිටුවෙන් නිර්දේශ නොකළ දුෂිත හා මෝඩ පුද්ගලයන්ටද පත්වීම් ලබාදී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
තමාද එම විද්වත් කමිටුවේ සාමාජිකයෙකු බවත් එම නිසා කමුටු නිර්දේශවලට පටහැනිව සිදුකර ඇති මෙම පත්කිරීම් හරහා ආණ්ඩුවේ හොඳ නම නැතිවෙන බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එසේම ඔහු කියා සිටියේ එසේ වුවද තමන් නිර්දේශ කල සමහර අය රාජ්‍ය ආයතනවලට පත්වීම පිළිබඳ තමන්ට තරමක් සතුටු විය හැකි බවය.