ජනපති මැදුරේ ප්ලාස්ටික් වතුර බෝතල් ඉවතට! ප්ලාස්ටික් බෝතල් වෙනුවට සැමට ජල බඳුන්!

December 16, 2019 at 10:30 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අතර අද (16) පැවති හමුව සඳහා සුපුරුදු ප්ලාස්ටික් ජල බෝතල් වෙනුවට ජල බඳුන් ලබා දීම කැපි පෙනිණි.

මෙතෙක් කල් ජනාධිපති මන්දිරයේ දිනකට ජල බෝතල් විශාල ප්‍රමාණයක් භාවිත කළ අතර එහෙයින් විශාල ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයක් පරිසයට එකතු විය.

පසුගිය සතියේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ ද මෙම ජල බෝතල් දැකගත හැකි වූ අතර මේ සතිය වන විට එය වෙනස් වී තිබිණි.

ජනාධිපතිවරයාගේ මෙම පරිසර හිතකාමී පියවර සමාජ මාධ්‍යවල බෙහෙවින් ඇගයීමට පාත්‍ර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස