මගේ 13+ අදහස තවම වෙනස් වෙලා නෑ! දෙමළ ජනතාව රැවැට්ටුවේ අපි නෙමේ දෙමළ සන්ධානයයි!- මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් නිරුත්තර කරවයි..  (video)

January 14, 2020 at 10:58 pm | by emanisa.lk

දෙමළ ජනතාව ආණ්ඩුවෙන් ඈත් කරවීමේ පුවත් දෙමළ මාධ්‍ය පුවත්පත්වල නිරතුරුව දකින්නට ලැබෙන බවත් එවැනි කටයුතුවලින් වළකින් ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

උතුරු නැඟෙනහිර සහ කඳුකරයේ ජනතාවට ලබාදිය යුතු විසඳුම් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

උතුරු නැඟෙනහිරට 13+ විසඳුමක් ලබා දීමේ තමන්ගේ අදහස අදටත් වෙනස් වී නොමැති බව ද මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේය.

දෙමළ නායකයන් අවුරුදු 70ක් තිස්සේ ජනතාව රැවට්ටු බවත් දෙමළ මාධ්‍යවේදීන් ද ඊට දායක වූ බවත් අගමැතිවරයා පැවසීය.

පසුගිය වසර හතරකට අධික කාලය තුළ දෙමළ ජාතික සන්ධානය පවත්වා ගෙන ගිය ආණ්ඩුවක් මේ රටේ තිබුණ ද දෙමළ ජනතාවගේ කිසිදු ගැටලුවක් නොවිසඳු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ ඇත්තේ එක ජාතික ගීයක් බවත් දෙමළ ජනතාවගේ ඡන්ද ටික ලබා ගැනීමට ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම හැර වෙන කිසිවක් කර තිබේ දැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

අද (14) දෙමළ මාධ්‍යවේදීන් හමු වී සිදුකළ සාකච්ඡාවේ දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස