මෝඩයාගේ දවසට ඇල්ලූ මත්ද්‍රව්‍ය විනාශ කරලා මැති ඇමතිවරුත් එක්ක බක්මහ දිවුරුම කරනවා! ජාවාරම්කාරයෝ එල්ලනවාමයි!

March 6, 2019 at 6:29 pm | by admin

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, විනිසුරුවරුන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී එම මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවට රටම එක් ව අප්‍රේල් 03 වැනි දා – බක්මහ දිවුරුම – නමින් වැඩ සටහනක් සංවිධානය කෙරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, එදින පෙරවරු 8.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයට සියලු මැති ඇමතිවරුන්ට හා පක්ෂ නායකයින්ට ආරාධනා කරන බවයි.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වන විට මිල ගණන් කැඳවා ඇති බවත්, තවත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිතුමා මෙම හමුවේදී ප්‍රකාශ කළේ ය.

මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ විට ජනාධිපතිතුමා සඳහන් කළේ, අනිවාර්යෙන්ම එම තීන්දුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.

කිසිදු බලපෑමකින් තොරව මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා ඇතැයි ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස