බොරු බලය බෙදීම ෆෙඩරල් මගෙන් ලැබෙන්නේ නෑ! අවස්ථාවාදී දේශපාලකන්ගේ අරමුණුවලට කිසි ඉඩක් නෑ! – ජනපති බෙදුම්වාදීන්ට කිව යුතු සියල්ල කියයි…..

December 18, 2019 at 1:23 pm | by emanisa.lk

බහුතර ජනතාවගේ කැමැත්තෙන් තොරව තමන් කිසිදු තීන්දුවක් හෝ තීරණයක් නොගන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී.

එහෙයින් බලය බෙදීමට බහුතරයක් අකැමැත්ත ප්‍රකාශ කර ඇති බැවින් කිසිදු අවස්ථාවක බලය බෙදීමට හෝ ෆෙඩරල් විසඳුමක් ලබා දීමට හෝ තමා කටයුතු කරන්නේ නැතැයිද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදීය.

සාමාන්‍ය ජනතාවට බලය බෙදීමේ කිසිදු උවමනාවක් නොමැති බවත්, එවැනි උවමනාවක් ඇත්තේ පටු දැක්මක් සහිත බොරුකියන, අවස්ථාවාදී දේශපාලකයන්ට පමණක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ බලය බෙදාහැරීමක් ගැන කතා කරමින් සිදුකර ඇත්තේද දේශපාලන වාසි ලබා ගැනීම පමණක් බවද එහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස