රනිල්ට හූ කියා සිරිකොතින් පැන්නුවේ අපි තමයි! – සුජීව

June 10, 2020 at 11:29 am | by emanisa.lk

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට සිරිකොතදී හූ කියා කෑගැසූ පිරිස යවන ලද්දේ තමන් විසින් යැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු එජාප මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

”අපේ ජනතාව පෙරේදා (08) ගිහින් රනිල් වික‍්‍රමසිංහ සිරිකොතින් එලෙව්වා. වෘත්තීය සමිති නියෝජිතයින්ට සිරිකොතට එන්න කියලා තිබෙනවා. ගිහින් කතා කරන්න ද කියලා ඒ අය අපෙන් ඇහැව්වා. අපි හා කියලා යැව්වා. අපි කුමන්ත‍්‍රණ කරන්නේ නෑ. අපි කෙළින් වැඩ කරනවා. අපි බය නෑ සිරිකොතට යන්න. අපි තමයි ඒ අයව ඇරියේ.

සිරිකොතේ සියලුම දේවල් මේ ඡන්දයේදී අපි සමගි ජන බලවේගය දිනවන්න භාවිත කරනවා. අපේ පළාත් පාලන මන්තී‍්‍රන්, පළාත් සභා මන්තී‍්‍රන්, වෘත්තීය සමිති නියෝජිතයින් අපි මේ මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගන්නවා. ඒ අය අපිට විශාල ශක්තියක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස