මහ ඡන්දෙට සජිත් කොළඹට! රනිල් ජාතික ලැයිස්තුවට! සජිත්ගේ අඩුව පුරවන්න හම්බන්තොටට මර්වින්!

February 4, 2020 at 10:53 am | by emanisa.lk

අලුතින් පිහිටුවන විපක්ෂ සන්ධානයේ නායක, සජිත් ප්‍රේමදාස ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බවත් ‘සිරිකොත’ එජාප මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ සන්ධානයේ නායකයා ලෙසත් අගමැති අපේක්ෂකයා ලෙසත් පැවරී ඇති අධික රාජකාරි කටයුතු සැලකිල්ලට ගෙන, මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වන්නැයි හිතවතුන්  කිහිප දෙනෙකුම  සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

එසේම රාජපක්ෂ බල කඳවුරක් වන හම්බන්තොට සිටීම සජිත් ප්‍රේමදාසට පෞද්ගලිකව අවාසි සහගත බවත් හම්බන්තොට පැවති එජාප ජන්ද පදනම අඛණ්ඩව දුර්වල වීම හේතුවෙන් පසුගිය සමයේ සිදුවූ විවේචනත් පදනම් කරගෙන මේ හිතවතුන් සජිත් ප්‍රේමදාස වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කොළඹ පැමිණි විට හම්බන්තොට සිදුවන පුරප්පාඩුව සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී විපක්ෂ සන්ධානය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස