රටම ඉල්ලන්නේ ගෝඨා-සජිත් සුසංයෝගයක්! අපි ඒක පිළිගන්න සූදානම්! – අජිත් පී.

January 24, 2020 at 8:33 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය මීලඟ මැතිවරණය සඳහා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කරයි.

‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් එම මැතිවරණය සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ දිනවල සකස් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

අද වන විට ගැලපෙන්නේත් රට ඉල්ලන්නේත් ගෝටාභය-සජිත් සුසංයෝගය බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස