රංජන්ට වඩා හානියක් පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු අය කළා! – ජවිපෙ

February 18, 2020 at 8:59 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් කවරාකාර විවේචන තිබුණ ද ඔහුට වඩා හානියක් පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැසූ අය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ පිළිබඳ විනය පරීක්ෂණ තැබුව ද කිසිවකුට දඬුවම් ලබා නොදුන් බව පැවසූ ජවිපෙ බිමල් රත්නායක කතානායකවරයාට ඒ පිළිබඳ කීමට කිසිවක් ඇත්දැයි විමසා සිටියේය.

රංජන් රාමනායකගේ භාවිතාව සම්බන්ධව කවර විවේචන තිබුණ ද ඔහුට ලිපි ලේඛන සභාගත කිරීමට ඇති අයිතිය රකින ලෙස ද හෙතෙම කතානායකගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස