මුලින් වෙඩි තිබ්බේ භාරතලා! පළමු වෙඩි දෙකම දුමින්දගේ හිසට!- භාරතගේ රියදුරාගෙන් දිවුරුම් ප්‍රකාශයක්….

January 18, 2020 at 1:09 pm | by emanisa.lk

භාරත- දුමින්ද ගැටුම අවස්ථාවේ මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයකු විසින් බව ලියනගේ සමන්ත පෙරේරා නම් භාරතගේ රියදුරා දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කර තිබේ.

ප්‍රසන්න සෝලංගආරච්චිගේ දුරකතන ඇමතුමක් සමග කෝපයට පත් භාරත දුමින්ද මරා දැමිය යුතු බව කී බවත් දෙපිරිසේ වාහන මුණ ගැසුණු පසු පිස්තෝලයද රැගෙන භාරත රියෙන් බැස ගිය බව ද ඔහු පවසයි.

අනතුරුව භාරත දුමින්ද අතර ගුටි බැට හුවමාරුවක් වූ බවත් භාරතගේ ආරක්ෂක පොලිස් නිලධාරියකු අත තිබූ පිස්තෝලය උදුරාගත් ගාමිණි නැමති භාරතගේ ආරක්ෂකයා ආපසු හැරී යන දුමින්දගේ හිසට වෙඩි දෙකක් තැබූ බවත් සඳහන් වෙයි.

මෙම නඩුවේ ප්‍රධාන විනිසුරු දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ ද පද්මිණි රණවක ඔහුට මරණ දඬුවම නියම කළේය. අනෙක් විනිසුරු ද පද්මිණි රණවකට එකඟ වූ නිසා මරණ දඬුවම ස්ථිර විය. රංජන් රාමනායක සමග ආන්දෝලනාත්මක දුරකතන සංවාද සිදුකළේ පද්මිණි රණවක විනිසුරුවරියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස