රංජන්ගේ තර්ජන ගැන ගිහාන් 2015 පැමිණිලි කළා! පොලිසිය විනිසුරුගේ ආරක්ෂාවත් වැඩි කළා! රංජන් සමග කතා කළේ පොලිස් උපදෙස් මතයි! – විනිසුරු ගිහාන් නිර්දෝෂ බව පොලිස්පති නීතිපතිට ලියා දන්වයි..

February 11, 2020 at 4:03 pm | by emanisa.lk

විනිසුරු ගිහාන් පිලපිටිය රංජන් රාමනායක විසින් තමන්⁣ට තර්ජන කළ බවට 2015-2016 සමයේ එවක පොලිස්පති ඉලංගකෝන් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ආරක්ෂාව ද දැඩි කළ බවත් පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එසේම ගිහාන් පිලපිටිය රන්ජන් රාමනායකගේ අදාල දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුට පරීක්ෂණ කණ්ඩායම්වලින් ලැබුණ උපදෙස් පරිදිය.

මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව පොලාසිය සාක්ෂිකරුවන් අට දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු හොඳින් ඉදිරියට ක්‍රියාත්මක වෙයි.

මේ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගත්තේ නම් සිදුවන්නේ විත්තිකරු වෙනුවට පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස