යහපාලන ආණ්ඩුව විදුලි බලාගාර ඉදිනොකිරීමේ ශාපය සුළුපටු නෑ ! රජයේ බැංකුවලින් තවත් කෝටි 1500ක ණයක් මණ්ඩලයට!

February 22, 2020 at 6:50 am | by emanisa.lk

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත.

ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදෙනු ඇත.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර ඉදිරිපත් කරන පද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය  ලබාදී තිබේ.

විදුලිබල මණ්ඩලයේ පිරිවැය ඉහළයාම , අලුතින් ඉදිරිකිරීමට යෝජිත බලාගාර ඉදි නොවීම, විදුලිමිල ගණන් වැඩි නොකිරීම ආදි හේතුමත විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඇමැති අමරවීර කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ගිය වසරේ අලාභය රුපියල් කෝටි 8,500 ක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස