ආණ්ඩුවේ බොරු පුරසාරම් ඉවරයි! නැවතත් විදුලිය කපන ලකුණු!

May 9, 2019 at 7:25 am | by admin

ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම සහ දෛනික විදුලි පරිභෝජනය ඉහළ යාම නිසා අඛණ්ඩව විදුලිබල සැපයීම අභියෝගයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය කාලයේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය නිසා ජලාශවල ධාරිතාවේ සුවිශේෂ ඉහළ යාමක් නොවූ බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.

කෙසේ වුවද ඇමති රවී කරුණානායක අලුත් අවුරුදු සමයට පෙර විදුලිය විසන්ධි කරන කාලයේ නිතර ප්‍රකාශ කළේ අලුත් අවුරුද්ද වන විට රටේ විදුලි අර්බුදය විසඳන බවත් නැවත කිසිදා විදුලි කප්පාදුවක් සිදු නොවන ආකාරයට විසඳුම් ලබා දෙන බවය. මෙයට පෙර පැවති වෙසක් උත්සවවලට වඩා හොඳින් වෙසක් උත්සවය පැවැත්වීම සඳහා හිතේ හැටියට විදුලිය පාවිච්චි කිරීම සඳහා විදුලිය සපයන බවය.

එසේ පවසමින් පසුගිය සමය පුරාම පෞද්ගලික බලාගාරවලින් අධික මිලට විදුලිය මිලට ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ඇමතිවරයා කටයුතු කළේය. ඒ සඳහා තුර්කිය වැනි රටවලින් විදුලි බලාගාර සහිත නෞකා කොළඹට පැමිණි බව ද වාර්තා විය.

කෙසේ වුවද 2014 වසරේ සිට රටේ වැඩි වන විදුලි අවශ්‍යතාවට සමගාමීව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා අලුත් අවුරුදු සමයට පසු නැවත විදුලි අර්බුදය පැනනඟිනු ඇතැයි එම ක්ෂේත්‍රයේ විද්වත්හු අනාවැකි පළ කළහ. මේ වන විට එම අනාවැකි සත්‍ය වන ලකුණු පහළ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස