විදුලිය අර්බුදයක් නෙමේ ජාවාරමක්! කොමිසම දුන් සැලැස්ම බල්ලාට දාලා ලංවීම වැඩි මිලට විදුලිය ගන්නවා!

April 3, 2019 at 6:35 pm | by admin

විදුලිය අර්බුදයක් නොව එය ජාවාරමක් බවත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ජනතාවට බොරු කියන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවයි.

අද (03) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේය.

2019 පමණක් නොව 2020 සිට 22දක්වා මේ විදුලි අර්බුදයට මුහුණ දීමට රටට සිදු වෙන බවත් ඒ හේතුවෙන් මුළු රටම අස්ථාවර වී ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

“ආණ්ඩුවත් විදුලිබල මණ්ඩලයත් ජනතාවට කියන්නේ ජල හිගකම නිසා විදුලි කප්පාදුව කරන බවයි. ඒක බොරුවක්. ලබන 9වනදා විදුලිබල මණ්ඩලය අධිකරණයට කැඳවා තිබෙනවා. ජලය හිඟය නිසා විදුලිය කප්පාදුවක් සිදුවෙනවා නම් විදුලි බල මණ්ඩලය අධිකරණයට කැඳවන්නේ නැහැ. අපි මහජන උපයෝගිතා කොමිසමට ස්තූතිවන්ත වෙනවා තමන්ගේ බලතල පාවිච්චි කරලා මහ ජනතාව වෙනුවෙන් එවැනි අධිකරණ ක්‍රියාමර්ගයක් ගැනීම සම්බන්ධයෙන්.

රටට අවශ්‍ය විදුලි බල ප‍්‍රමාණය නිපදවා ගැනීමට 2018-2037 කාලයට ජනන සැලැස්මක් තිබෙනවා. එම ජනන සැලැස්ම මහජන උපයොගිතා කොමිසම විසින් නිර්දේශ කොට තිබෙන අතර එයට අනුව විදුලිබල මණ්ඩලය කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව තමන්ට හිතෙන හිතෙන විදිහට හදිසි මිලදී ගැනීම් කිරීමට විදුලි බලමණ්ඩලයට කිසිදු හැකියාවක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස