විදුලි අර්බුදයට සුපිරි විසඳුමක්! රුසියාවෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාර!

February 13, 2020 at 11:37 am | by emanisa.lk

වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකිවනු ඇතැයි කොළඹ රුසියානු තානාපති යූරි මැටේරි ප්‍රකාශ කර ඇත.

ස්පුට්නික් (Sputnic) පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව පවසා තිබේ. පරිසර දූෂණයෙන් තොර බලශක්ති ප්‍රභවයන්ට ශ්‍රී ලංකා රජය කැමැත්තක් දක්වන බවත්, ගල්අඟුරු සහ තෙල් උපයෝගී කරගත් බලශක්ති ප්‍රභයන් ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරමින් ගෑස් සහ විකල්ප බලශක්තීන් කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් තානාපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව දීර්ඝකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික ශක්තිය උපයෝගී කරගත හැකි බවත්, ඒ සඳහා දැනටමත් උත්සාහයන් සිදුකර ඇති බවත් ඔහු පවසා තිබේ.

රුසියාවේ න්‍යෂ්ටික බලශක්තීන් පිළිබඳ සංස්ථාව වන රොසැටම් (Rosatom) සහ අදාළ ශ්‍රී ලාංකික ආයතන 2017දී න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් රුසියාව විසින් සිය න්‍යෂ්ටික බලශක්තිය භාවිතය පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශනයක් ලබාදුන් බවත්, තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස