විදුලි අර්බුදයට අගමැති රනිල්ගෙන් විසඳුමක්! අරලියගහ මන්දිරයට ජෙනරේටරයක් ගෙනෙයි! සැමට ජෙනියෙන් දුවන්නැයි ඉල්ලීමක්!

March 29, 2019 at 8:05 am | by admin

උද්ගතව ඇති විදුලිබල අර්බුදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

හැකි සෑම අවස්ථාවක ම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව නතර කර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලි බලය පාවිච්චි කරන ලෙසත්, රාජ්‍ය ආයතන සතු විදුලි ජනක යාන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ පරිශ්‍රයේ අද (28) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

විදුලිබල අර්බුදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව ද අගමැතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ විදුලි අර්බුදයට සිය ආණ්ඩුව වගකිව යුතු බවත් රටවල් තුනකින් ලබා දීමට යෝජනා වූ විදුලි බලාගාර තුන පවා තනා ගැනීමේ හැකියාවක් නොලැබී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස