විදුලි අර්බුදයක් මවනන නොරෙච්චෝලේ මෙගාවොට් 60ක් හංගලා!

April 14, 2019 at 6:49 am | by admin

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ උපරිම විදුලි ධාරිතාව ලබා නොගෙන මෙගාවොට් 60 අඩුවෙන් ලබා ගන්නා බවට විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කරයි.

නොරෙච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 280 බැගින් ලබාගත හැකි ජනක යන්ත්‍ර තුනක් තිබේ. එහෙත් තුන්වෙනි විදුලි ජනක යන්ත්‍රයෙන් ලබා ගන්නේ මෙගවොට් 220ක් පමණි.

පෞද්ගලික සමාගම්වලින් විදුලිය වැඩි මිලට මිලදී ගැනීම උදෙසා මෙලෙස ක්‍රියා කරන්නේද යන්න විදුලිබල මණ්ඩලය ජනතාවට පැහැදිලි කළ යුතුය.

පවත්නා විදුලිය හිඟකම නිසා පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 500 මිලදී ගැනීමට විෂය භාර අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණි.

එහෙත් දැනට රාජ්‍ය අංශය තුළ ආයතන ගණනාවක නිකම් තිබෙන විදුලි ජනක යන්ත්‍රවලින් විදුලිය මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට ලබාගත හැක. නොරොච්චෝලෙන් ලැබිය යුතු මෙගාවොට් 60 ද ඊට එකතු කළහොත් එය විදුලිය මෙගාවොට් 260ක් බවට පත්වෙයි.

විදුලිය මෙගාවොට් 260ක් යනු පිටතින් ඉහළ මිලට මිලදී ගැනීමට යන විදුලිය මෙගාවොට් 500න් හරි අඩකි. එම ප්‍රමාණය ජාතික පද්ධතියට එකතු කළේ නම් පෞද්ගලික අංශයෙන් රජය විදුලිය මිලට ගැනීමට වැය කරන අතිවිශාල ධනස්කන්ධයෙන් හරි අඩක් ඉතිරි කරගත හැකිව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස