අද රටම ගිලී ඇති විදුලිබල අර්බුදය පිළිබඳ 2016 ඉංජිනේරුවකු කී අනාවැකිය මෙන්න! (video)

March 28, 2019 at 8:55 am | by admin

රටේ ඉහළ යන විදුලි අවශ්‍යතාවට සරිලන ආකාරයට විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා 2018-19 වන විට විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩල සභාපති ඉංජිනේරු අනුර විජයපාල 2016 අගෝස්තු 16 වෙනිදා සජීවි රූපවාහිනි වැටසටහනකට පැමිණ ප්‍රකාශ කළේය.

මේ නිසා රු.30 -40 වැනි අධික මිල ගණන්වලට පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිල දී ගැනීම්වලට යාමට සිදුවන බව ද එහි බරපැන මහා භාණ්ඩාගාරයට දැරීමට හෝ පාරිභෝගිකයන්ගේ විදුලි බිලට හෝ ඇතුළත් කිරීමට සිදුවනු ඇති බව ද ඔහු හෙළි කළේය. මෙවැනි ව්‍යසනයක් වීමට හේතුව එකල විදුලි බලාගාර ඉදිකිරීමට බාධා කිරීමේ ප්‍රතිඵලය බව ජනතාව මතක තබාගත යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

එකල ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට එරෙහිව ජාතික හෙළ උරුමයට සම්බන්ධ අශෝක අබේගුණවර්ධන වැනි අය දැඩි විරෝධයක් ගෙන ගිය අතර මෙම සංවාදයට ඔහු ද එක්ව සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස