යහපාලන කාලේ කොරෝනා ආවා නම් ජංජාලයි! ඒ ආණ්ඩුවට මේ ආණ්ඩුවට ලැබෙන කිසිම පාර්ශ්වයක සහාය ලැබෙන්නේ නෑ! – නිර්මල්

May 22, 2020 at 4:33 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කොරෝනා වසංගතය රටට පැමිණියේ නම් විශාල අරාජිකත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පැවති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“එහෙනම් මේක විශාල ජංජාලයක් වෙන්න ඉඩ තිබුණා කියන එකයි මගේ අදහස. ආණ්ඩුවේම පාර්ශ්ව අතර ගැටුම් ඇතිවේවි. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුම් තිබුණා. කැබිනට් මණ්ඩලයේ එකමුතුකමක් තිබුණේ නෑ. හමුදාව වුණත් දැන් වගේ කැපවීමෙන් උදව් කරයි කියලා කියන්න බෑ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රාජිත සේනාරත්න ඇමතිවරයා අතර විශාල යුද්ධයක් ඇතිවෙන්න ඉඩ තිබුණා. විපක්ෂයේ බලවේගවලින් බාධා එල්ලවීමේ ඉඩක් තිබුණා. මාධ්‍ය ආයතනවලින් සහයෝගය නොලැබීමේ ඉඩක් තිබුණා.

අනෙක් වැදගත්ම දේ තමයි ආගමික යාන්ත්‍රණය. ඒ සහයෝගය නොලැබීමේ ඉඩ තිබුණා. මේ වගේ අවස්ථාවක වැදගත් වන මර්මස්ථාන සියල්ම මේ ආණ්ඩුවට පාලනය කරගත හැකියි.

මේ වගේ අවස්ථාවක අවශ්‍ය වෙන්නේ දේවල් කිරීමට තියෙන හැකියාව. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව නරක ආදර්ශ සපයලා තියෙනවා. මේ ආණ්ඩුව දේවල් කරනවා. ඒ ආණ්ඩුවට අදාළව යහපාලනය වගේ වචන තිබුණා. ඒත් ඒ වචනත් විහිළුවක් කරලා තිබුණා. මහජනයා පිළිබඳ සංවේදීතාවකින් වැඩකළ භාවිතාවක් තිබුණේ නෑ.”

පුවත්පතක් සමග සාකච්ඡචාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස