අගමැතිගේ සාකච්ඡාවට අපිත් එන්නේ නෑ! – එජාපය

May 4, 2020 at 6:54 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය

අග්‍රාමාත්‍යවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා සඳහාම මෙම හමුවට ආරාධනා කර තිබේ.

මෙවැනි අවස්ථාවකදී අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අදාල නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මේ හේතුව මත මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

එහෙත් කොරෝනා උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට සහය විමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද එම නිවේදනයේ සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස