කොරෝනා චන්ද්‍රිකා වගේ! යූඇන්පි අපට ආශීර්වාදයක්! රාජපක්ෂලාට ශාපයක්! – සුදර්ශන ගුණවර්ධන

April 23, 2020 at 7:09 am | by emanisa.lk

‘රාජපක්ෂලාට හැමදාම අපලෙ බණ්ඩාරනායකලද? #බණ්ඩාරනායකපුර’ යනුවෙන් ෆේස්බුක් සටහනක් පැවති එජාප ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදර්ශන ගුණවර්ධන තබා තිබේ.

ඔහු මේ වන විට එජාප රනිල් පාර්ශ්වයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.

කොරෝනා වසංගතය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන් රාජපක්ෂලාට අපල බවත් එජාපයට මහා ආශීර්වාදයක් බවත් එජාපය සිතන අතර එමගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව මෙම ප්‍රකාශයෙන් හෙළි වන්නේයැයි යැයි සමාජමාධ්‍යවල සාකච්ඡා වෙමින් තිබේ.

කෙසේ වුවද සමස්ත ලෝකයටම බලපාන ලක්ෂ ගණනක් ජීවිත අහිමි කළ මෙවැනි වසංගතයක් තමන්ගේ පක්ෂයට ආශීර්වාදයක් යැයි සිතන තත්ත්වයට එජාප කණ්ඩායම් ඇද වැටීම එහි දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස