මහින්ද ඊළඟ ක්‍රියාන්විතයට සූදානම්! බලමුළු කැඳවයි! අර්බුදයට විසඳුම් යෝජනා ඉල්ලයි!

April 28, 2019 at 9:46 pm | by admin

රටේ මේ වනවිට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබඳව විශේෂ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මතා හා හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර අද (28දා) පස්වරුවේ ඔහුගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහිදී රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හා ඒ සඳහා ගතයුතු දීර්ඝකාලීන හා කෙටි කාලීන විසදුම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන මෙන් විපක්ෂ නායකවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, හිටපු යුද හමුදාපති දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් මොහාන් විජේවික්‍රම, අද්මිරාල් ජගත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රි පිරිසක් එක් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස