ජනපතිටත් හොරා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දුන් පුද්ගලයා ඉවත් කරන්න! කොටි ඩයස්පෝරාවට මුහුණදිය හැකි තානාපතිවරයෙක් ජිනීවා එවන්න! – ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනපතිගෙන් ඉල්ලයි…

December 21, 2019 at 1:45 pm | by emanisa.lk

ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රටට හිතැති තානාපති සේවයේ නිලධාරියකු වහාම පත් කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව ජනපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටී.

දැනට සිටින තානාපතිවරයා දේශපාලන පත්වීමක්‌ ලැබූවකු බවත් ඔහු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට ද නොදන්වා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදීමට අත්සන් කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌විය හැකි වෘත්තීයමය තානාපති සේවයේ නිලධාරියකු ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය බවද ඔවුන් වැඩිදුරටත් දක්‌වා ඇත.

පසුගිය වසර හතර පුරා පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවලදී කොටි ඩයස්‌පෝරාව එල්ල කළ බොරු චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිවකු ඉදිරිපත් වුයේ නැතැයි ද දක්‌වන එම සංවිධානයේ ජනෙත් විමල එහිදී ජෙයනි ත්‍යාගරාජා නමැති ද්‍රවිඩ තරුණියක්‌ මානව හිමිකම් සමුළුව තුළදී සුදු වෑන් මෙහෙයුම ගැන ජනාධිපතිවරයාට හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට චෝදනා කළ බවද පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස