රණවිරුවන්ගෙන් පළිගැනීමේ මෙහෙයුම් නවතයි! හිටපු නාවුක හමුදාපතිට සහ මාධ්‍ය ප්‍රකාශකට එරෙහි නඩු අත්හිටුවයි!

January 28, 2020 at 7:05 am | by emanisa.lk

විමර්ශන කටයුතු අවසන් වනතුරු හිටපු නාවින හමුදාපති වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  ඩි.කේ.පී. දසනායකට එරෙහි නඩු ඇසීම අත්හිටුවන්නයි දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම නීතිපතිවරයාට දන්වා තිබේ.

දෙමළ තරුණයන් දස දෙනෙකු අතුරුදන් කළ බවට චෝදනා ගොනු කරමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරූයේ පසුගිය රජය සමයේය.

විමර්ශන අවසන් නොවූ පසුබිමක ඔවුන්ට එරෙහි නඩු විමසීම අගතිදායක බව එම කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස