යුද්දේ කළේ මමයි යුද හමුදාවයි! වසන්ත රොෂාන් ෆීල්ඩ් මාර්ෂල් කිරීම වැරදියි! – ෆොන්සේකා

August 9, 2019 at 4:04 pm | by emanisa.lk

රොෂාන් ගුණතිලකට, කරන්නාගොඩ මාෂල් ධූරයන් දීම ගැන සරත් ෆොන්සේකා විරුද්ධ වෙයි

කුරිරුත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ගුවන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ගෞරවනීය මාෂල් නිලයන් පිරිනැමීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය.

ඒ අනුව රොෂාන් ගුණතිලකට මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන නිලය ද වසන්ත කරන්නාගොඩට මාෂල් ඔෆ් ද ෆ්ලිට් යන නිලය ද පිරිනැමෙනු ඇත.

ඒ අනුව ලංකාවේ එකම හමුදා මාෂල්වරයා ලෙස නම් දරා සරත් ෆොන්සේකා හා සමාන තත්ත්වයට මෙම හිටපු හමුදාපතිවරුන් පත් වනු ඇත.

මේ පිළිබදව සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල්වරයා විසින් රොෂාන් ගුණතිලකට සහ වසන්ත කරන්නාගොඩෙ තමන් හා සමාන තනතුරු පිරිනැමිමට සිය අකමැත්ත පල කර ඇති අතර යුද්ධය වැඩි වශයෙන්ම මෙයෙහවනු ලැබවේ යුධ හමුදාව බව ද පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස