අත්අඩංගුවට ගැනීමේ සූදානමත් සමග කරන්නාගොඩ අතුරුදන්!

March 2, 2019 at 1:35 pm | by admin

තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත්ව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01 දා) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වනවිට නම් කොට ඇති සැකකරුවන් 15 දෙනාට හා වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව එම පැහැර ගැනීමට හා කප්පම් ලබා ගැනීමට තවත් තිදෙනකු සම්බන්ධ බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ද හැකි ඉක්‌මනින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැන්වීය.

වසන්ත කරන්නාගොඩ මහතා මේ වනවිට පදිංචි ස්‌ථානවලින් පලා ගොස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින නමුත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක්‌ ලැබුණ විගස ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට කීවේ‍ෙ

එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කොට ඇති නිලන්ත සම්පත් මුණසිංහ, 14 වන සැකකාර ඇන්ටනි ප්‍රනාන්දු හා 15 වැනි සැකකාර සම්පත් ජානක කුමාර නමැති තිදෙනා ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *