ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය එපා වෙයි!

August 11, 2019 at 9:03 am | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆීල්ඩ් මාර්ෂල් ධූරය අත්හැර දැමීමට සූදානම් වනබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට පිළිවෙළින් අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් යන ඉහළම තනතුරු ලබා දීම බව වාර්තා වෙයි.

එය සරත් ෆොන්සේකාට හිමි වූ හමුදාවේ ඉහළම තනතුර වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමාන තනතුරු දෙකකි. එම තනතුරු දෙක ලබා දීම සම්බන්ධයෙන් තමා තුළ කලකිරීමක් ඇතැයි සරත් ෆොන්සේකා පවසා ඇති බව වාර්ථා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස