මුලතිව් ඔඩ්ඩුසුඩාන් කම්හල DSI සමග යළි ඇරඹෙයි! මසකට උළු ගඩොල් ලක්ෂ 04ක් රටට!

February 7, 2020 at 7:53 am | by emanisa.lk

ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් රාජ්‍ය ව්‍යාපාර නැවත ආරමභ කිරීමේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

එහි මූලික පියවර වශයෙන් මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්හි පිහිටි උළු හා ගඩොල් නිෂ්පාදන කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

එමගින් මාසයකදී උළු හා ගඩොල් ලක්ෂ 04ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිතය.

එම කම්හලේ ගොඩනැඟිල්ලේ හා යන්ත්‍රෝපකරණවල සම්පූර්ණ අයිතිය ලංකා පිඟන් සංස්ථාව වෙත රඳවාගනිමින් උළු හා ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය ඩී.එස්.අයි. සමාගමේ උප සමාගමක් වන සැම්සන් රජරට ටයිලිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා එක්වන ක්‍රියාත්මක කිරිමට නියමිතය.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමිල් වීරවංශ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස