ගම්මිරිස් ප්‍රතිඅපනය තහනම ඵලදරයි! ගම්මිරිස් මිල වේගයෙන් ඉහළ යයි! ගොවියාට සුබ කාලයක්!

December 5, 2019 at 12:45 pm | by emanisa.lk

පසුගිය සමයේ දැඩි ලෙස පහත වැටී පැවති ගම්මිරිස් මිල මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි වාර්තා වෙයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවය.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

පසුගිය සමයේ බාල ගම්මිරිස් ලංකාවට ගෙන්වා දේශීය ගම්මිරිස් සමග කවලම් කර නැවත විදෙස් වෙළෙඳපොළට යැවීම නිසා මෙරට ගම්මිරිස් කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස