ආයේ ආවොත් වාහනේ කුඩු කරනවා! – සංචාරක කර්මාන්තය වනසන ගුවන්තොටුපළ කුළී රථ මාෆියාව! (video)

January 19, 2020 at 11:06 am | by emanisa.lk

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කුළී රථ රියදුරන් පිරිසක් එහි පැමිණ විදේශීය සංචාරකයකු රැගෙන යන තවත් කුළී රථ රියදුරෙකුට තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

රටට පැමිණෙන සංචාරකයන් හූරා කන බවට චෝදනා ලබන මෙම කුලී රථ හිමියන් මේ වන විට ගුවන්තොටුපළට පිටතින් පැමිණෙන කුළී රථ රියදුරන්ට තර්ජනය කිරීමට ද පෙළඹී තිබේ.

ගුවන්තොටුපළ කුලී රථ මාෆියාව පිළිබඳ අවබෝධයක් ඇති විදෙස් සංචාරකයන් ලංකාවට පැමිණෙණ විට පිටතින් තමන් දන්නා කුලී රථ රියදුරන් කැඳවීම පුරුද්දක් කරගෙන ඇති අතර එය සිය ආධිපත්‍යයට තර්ජනයක් වීම මෙවැනි තර්ජනවලට හේතු වී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද මෙම තත්ත්වය පාලනය කර සංචාරකයන්ගේ සුවපහසුව සඳහා කටයුතු කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එසේ නොවන්නට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සිහිනයක් වනු ඇති බවත් විවිධ කණ්ඩායම් පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස