සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි ප්‍රහාරකයන්ගේ පියා ජවිපෙ මහා මැතිවරණ අපේක්ෂකයෙක්!

April 22, 2019 at 8:44 pm | by admin

කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනාගේ පියා වන 65 හැවිරිදි අල්හාජ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම් පසුගිය මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේන් ජාතික ලැයිස්තුවෙන් තරග කළ අපේක්ෂකයෙක් බව හෙළි වී තිබේ.

ඊයේ පරික්ෂා කිරීමට යාමේ දී පිපිරීම් දෙකක් සිදු වී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ජීවිත අහිමි වූයේ යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම්ට අයත් දෙමටගොඩ මහවිල මාර්ගයේ සුඛෝපභෝගී තෙමහල් නිවස පරීක්ෂා කිරීමට යාමේ දීය. ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන 33 හැවිරිදි ඉම්සාත් අහම්ඩ් ඊබ්‍රහයිම් සහ 31 හැවිරිදි ඉල්හාම් අහමඩ් ඊබ්‍රහයිම් සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර තිබේ.

පළමු පිපිරීමෙන් පසුව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි 25 හැවිරිදි ෆාතීමා ජිප්රි සහ දරුවන් දෙදෙනා දෙවන මහලේ සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්විය. මෙම පිපිරීම් දෙකම එම නිවසේ සිටි පුද්ගලයෙකු විසින් දුරස්ථ පාලකයකින් සිදු කළේද යන්න පිළිබද පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

එම නිවෙස් හිමියාගේ එක් පුත්‍රයෙකු වන 30 හැවිරිදි ඉජාස් අහමඩ් ඊබ්‍රහීම්මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ස්මයිල් අහමඩ් ඊබ්‍රහීම් නැමැති මෙම පවුලේ බාල පුත්‍රයා අතුරුදන් වී සිටියි. අද මෙම පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්න මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

 
 


Comments are closed.

මුල් බිස්ස