මාළු කෑවට කොරෝනා බෝ වෙන්නේ නෑ! මාළු වෙළඳසැල් වසා දැමීමටත් හේතුවක් නෑ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්..

October 25, 2020 at 10:59 am | by emanisa.lk

හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීම නිසා කොරෝනා බෝ වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ඕනෑ ම පෘෂ්ටයක් මත කොරෝනා විෂබීජ ඇත යන පදනම මත පිහිටා මාළු සකස් කරන අතර මුහුණ ඇල්ලීම නො කරන ලෙස ද අදාළ උපකරණ මැනවින් පිරිසිදු කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

නිසි සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කටයුතු කරනු මිස පදනමක් නොමැතිව මාළු වෙළෙඳසැල් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස