කොරෝනා සමාජගත වීමේ අවදානමක්! අද ආසාදිතයන් 609ක් වාර්තා වෙයි!

October 23, 2020 at 6:30 pm | by emanisa.lk

අද (23) හවස 6.05 වන විට කොරෝනා ආසාදිතයන් 609 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිරිස අතරින් 496 දෙනෙකු පෑළියගෙඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත කණ්ඩායම් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ රෝගීන් ගණන 48කි.

ඊට අමතරව ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයන් 05ක් ද බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20ක් ද මේ පිරිසේ ආශ්‍රිතයන් ඇසුරින් රෝගීන් 40ක් ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස