ලෝක කොරෝනා අර්බුදය මැද ලංකාව නැගිටියි! සති දෙකක් ඇතුළත අපනයන ආදායම මිලියන 500 ඉක්මවයි!

September 20, 2020 at 2:35 pm | by emanisa.lk

මෑත ඉතිහාසයේ අපනයන ආදායම සති දෙකක් තුළ ඩොලර් මිලියන 500ක් ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝකය ම කොවිඩ් වසංගතය නිසා ආර්ථික අර්බුදයකට මැදිව සිටින අතර තුර ශ්‍රී ලංකාව අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් පවතින බව එහි ප්‍රකාශකයකු පැවැසීය.

පසුගිය ජූලි මාසයේ දී ඩොලර් මිලියන 1060ක ආපනයන ආදායමක් ලැබි ඇති අතර සැප්තැම්බර් මාසයේ දී එම ඉලක්කය පසුකර යෑමට හැකි බව වාර්තාවේ. 2019 යහපාලන ආණ්ඩුව සමයේ දී ජූලි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 999ක් වී ඇත.

මාළු, කුකුළු මස්, එළවළු, පලතුරු, තේ, විසිතුරු මසුන්, ඇඟලුම් ආදිය වැඩි වශයෙන් යුරෝපයට හා ඇමරිකාවට අපනයන කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින් කටයුතු කර තිබේ. එහි දී චීනය හා ඉන්දියාවට හැර ලෝකයේ සෙසු රටවලට අපනයනය කිරීම ආරම්භ කර ඇත.

කොවිඩ් නිසා නවතා දැමූ අපනයන කර්මාන්ත සියල්ලක්ම මේ වන විට ආරම්භ වී ඇති අතර සංචාරක ව්‍යාපාරය පමණක් ආරම්භ කිරීමට ගැටලු පැනනැගී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස