තවත් කොරෝනා ආසාදිතයන් 201ක්! දෙවන රැල්ල ආසාදිතයන් 4000ට කිට්ටු කරයි!

October 24, 2020 at 8:26 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 201ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ පුද්ගලයින් 140ක්, ධිවර වරායන් ආශ්‍රිතව 24ක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 37ක් මේ වන විට වාර්තා වී ඇත.

මේ වන විට දිවුලපිටිය සහ පෑළියගොඩ ආශ්‍රිතව ඇති වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3883ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස