අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට දැනට ඇති බලයත් 20 වැනි සංශෝධනය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවරා ගන්නා තත්ත්වයක් තුළ “දැන් සැපද ….?” යනුවෙන් තමන් ඒ මහතාගෙන් ප්‍රශ්න කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
“මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලයත් ජනාධිපතිවරයා තුළට ලබාගැනීම පිළිබඳව මම මහින්ද අගමැතිතුමාගෙනුත් මෙය අවස්ථාවක් කරගන්නවා “දැන් සැපද …. ?” කියලා අහන්න.
විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, එතුමාට තියෙන්නෙ මේ ව්‍යවස්ථාවෙන් එතුමාට පාර්ලිමේන්තු යන්න කටයුතු හදාගන්නවට කලින් ලියුමක් යවලා ඇමරිකාවට ඇමරිකාවේ පුරවැසිභාවයෙන් අයින් වුණා කියන කාරණය පෙන්නලා, කිසිම කාරණයකදී රට හැරයන්නෙ නෑ කියන කාරණයත් එක්ක පෙනී හිටින්න.”
චමින්ද විජේසිරි මේ බව පැවසුවේ ඊයේ (05) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.