මහින්දට උස පුටු දීලා ගෝඨාට මිටි පුටු දුන්නා! මහින්දලා ගෝඨාට හිමි තැන දෙන්නේ නෑ! – ටිල්වින්

September 5, 2019 at 10:52 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ සෙවනැල්ල යටට වී සිටින ගෝලයෙක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

අද (05) කොළඹදී ජාතික ජනබලවේගය විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම කළද මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම ගෝඨාභයට හිමි තැන දීමට සූදානම් නැති බව පෙනෙන්නට ඇති බව ටිල්වින් සිල්වා කියයි.

සෑම උත්සව අවස්ථාවක මහින්ද කැපී පෙනීමට උත්සාහ කරන අතර උස් පුටුව ඔහුට ලබා දී මිටි පුටුවක ගෝඨාභය වාඩි කරවන බව ද ඔහු පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කළ නොහැකි මට්ටමේ අභ්‍යන්තර අර්බුදයකට ලක්ව සිටින අතර අපේක්ෂකයා නම් කිරීමේදී එජාපයේ කිසියම් හෝ පිරිසක් කලකිරීමට පත්කරමින් එම තීන්දුව ගැනීමට ඔවුන්ට සිදුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස