ගෝඨා නාලක ගොඩහේවා මරන්න හැදුවා! බේරු‍ණේ මමත් එක්ක රට පැනලා! පස්සේ ආයෙත් දෙන්නා යාළු වුණා! – ආචාර්ය මර්වින්

August 27, 2019 at 2:06 pm | by emanisa.lk

රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ආචාර්ය නාලක ගොඩහේවා මරා දැමීමට සූදානම් වූ බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

එවක රාජපක්ෂලා සහ නාලක ගොඩහේවා අතර සිදු ගනුදෙවකට අදාළ විශාල මුදලක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබා දීමට තිබූ බවත් නාලක අදාළ මුදල වෙනත් රාජපක්ෂ කෙනෙකුට ලබා දීම නිසා කෝපයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ නාලක ගොඩහේවා ඝාතනය කිරීමට සූදානම් වූ බවත් ඔහු පවසයි.

ඒ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා සමග විදේශගත වී නාලක ගොඩහේවා ජීවිතය බේරාගත් බවත් පසුව එම මුදල නැවත ලබා දී හෝ කිසියම් ක්‍රමයකට දෙදෙනා මිතුරු වූ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස