මහනුවරට අරාබි පාසලක්! සිසුන් මඩකලපුවෙන් සහ වව්නියාවෙන්! විදුහල්පති අම්පාරෙන්!

September 7, 2019 at 2:18 pm | by emanisa.lk

මහනුවර මඩවල කැටවල වසා දැමූ අරාබි පාසල ඊයේ (06) යළි විවෘත කිරීමට සූදානම් වුවත් එම පාසල යළි විවෘත කිරීම තාවකාලිකව නතර කිරීමට මාතලේ ප්‍රාදේශීය සභාව (05) තීරණය කළේය.

මෙම පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් මඩකලපුව, කල්මුනේ වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසූ මන්ත්‍රීවරු විදුහල්පති අම්පාරේ බව පැවසූහ.

එක්‌ දහම් පාසල් ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීමට ප්‍රාදේශීය සභාව අවසර දුන්නත් තවත් ගොඩනැඟිලි ඉදිකර ඇතැයි සභාපති කපිල බණ්‌ඩාර හීන්දෙනිය (ශ්‍රීලංපො.පෙ) සභාපතිවරයා පැවසීය.

මෙම අරාබි පාසල පවත්වා ගෙන යෑමට තමා අත යට සන්තෝෂම් අරගෙන ඇතැයි දේශපාලන විරුද්ධවාදීන් තමාට තේ කඩ ගානේ මඩ ප්‍රහාර එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.

මාතලේ ප්‍රාදේශීය ලේකම් ලංකා ප්‍රියානි මධුවන්ති මහත්මිය කොන්දේසි සහිතව පාසල යළි විවෘත කිරීමට අවසර දී ඇතත් ජනතාව බියෙන් පසුවන බව සභාපතිවරයා පැවසීය.

විපක්‌ෂ නායක ගාමිණි කොස්‌තා (එජාප) පැවසුවේ අරාබි පාසල විවෘත කරන්න දේශපාලකයන් අවසරදී ඇත්තේ බල අරගලයට අවශ්‍ය ඡන්ද එකතු ගැනීම සඳහා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස