මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට ආත්ම පරික්ෂාවකට සූදානම්! වැරදි නිවැරැදි කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස නැඟී සිටින්න සූදානම්!- ඇමති කබීර් හෂීම්

May 17, 2019 at 10:06 am | by admin

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (16දා) පැවසීය.

ශ්‍රී ලාංකියන් ලෙස සිංහල සංස්කෘතිය සමග කටයුතු කරන බවත්, මුස්ලිම් සමාජයට එම මහා සමාජයෙන් ඉවත්ව වාසය කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා ප්‍රධාන සමාජය නියෝජනය කරන මුස්ලිම්වරයකු බව පැවසූ ඔහු මුස්ලිම් ජනතාව පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට තම සමාජය තුළ යම් වැරැද්දක් සිදුව ඇතැයි ද පැවසුවේය.

මුස්ලිම් සමාජය තුළ වැරදි තිබිය හැකි බවත්, එම වැරදි නිවැරදි කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස නැගීසිටීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළට බාහිරින් පැමිණ ඇති අරාබි නීති, සංස්කෘතිය හා මද්‍රසා පාසල් වෙනස් කිරීම සඳහා මුස්ලිම් විද්වතුන් සංවාදයක් ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමති කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස