මුස්ලිම් දේශපාලකයෝ 4 දෙනෙක් මද්රාසාවල උගන්වන්න විදෙස් දේශකයන් 2161ක් ගෙනැල්ලා! මුස්ලිම් දරුවන්ගේ මොළ සේදුවේ අයිසිස්කාරයෝද තාලිබාන්කාරයෝද කියලාවත් දන්නේ නෑ!

May 26, 2019 at 8:53 pm | by admin

ශ්‍රී ලංකාවේ පිහිටි ඉස්ලාමීය මද්රාසා පාසල් 1687ක ඉගැන්වීම සඳහා විදෙස් දේශකයන් 2161 දෙනෙකු මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේ නිර්දේශය මත ගෙන්වා ඇතැයි හෙළි වී තිබේ.

මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට පෙර ඔවුන් පිළිබඳ පසුබිම් ආරක්ෂක වාර්තා පවා ලබා ගෙන නොමැති අතර දේශකයන් මුවාවෙන් මෙරටට පැමිණියේ අයිසිස්, තාලිබාන් හෝ වෙනයම් ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක පිරිස් ද යන්න පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදුව නැත.

මේ ආකාරයට කිසිදු විමර්ශනයකින් තොරව නේවාසික වීසා සහ මෙරටට ඇතුළු වීමේ වීසා මත ඉස්ලාම් දේශකයන් ලංකාවට ගෙන්වා ඇත්තේ මුස්ලිම් දේශපාලකයන් හතර දෙනෙකුගේ දේශපාලන බලය අවභාවිත කරමිනි.

මේ රටේ සාම්ප්‍රදායික ඉස්ලාම් දහම වෙනුවට මරාගෙන මැරෙන අරාබි වහාබ්වාදය ව්‍යාප්ත කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මද්රාසා පාසල් හඳුනගෙන තිබේ. මරාගෙන මැරුණු සහරාන් හෂීම් ද රට පුරා මද්රාසා පාසල්වල දේශන පැවැත්වූ දේශකයෙකි. ඔහුට සිය බිරිඳ හමු වී ඇත්තේ ද එවැනි මද්රාසාවක දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස