මන්දිර එපා මහ පාරේ ඉන්නම් කියන සජිත්ගේ දිනක පුවත්පත් ප්‍රචාරක වියදම කෝටි 05 පනී! බොරු කළ නොහැකි සංඛ්‍යා ලේඛන මෙන්න!

October 6, 2019 at 3:38 pm | by emanisa.lk

මේ සතියේ සියලු ඉරිදා පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රමුඛ පුවත වූ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ඉවත දැමීම පිළිබඳ පුවත වසා දැමීම සඳහා ආණ්ඩුව කෝටි 05කට අධික මුදල් වැය කර තිබේ.

ඒ සියලු සතිඅන්ත පුවත්පත්වල මුල් සහ අවසාන පිටුව සේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ දැන්වීමක් පළ කිරීම සඳහාය.

ඉරිදා ලංකාදීප, දේශය, Sunday Times, ඉරිදා දිවයින, The Island, ඉරිදා මව්බිම, Sunday Ceylon Today,සිළුමිණ, Sunday Observr, වීරකේසරී, තිරුක්කුරල් යන පුවත්පත්වල මේ ආකාරයට දැන්වීම් පළ කර තිබේ.

ඒ සඳහා ආණ්ඩුව වියදම් කර ඇති සම්පූර්ණ මුදල රු. පන්කෝටි හැටපන් ලක්ෂ හැත්තෑ පන්දහසකි (56 575 000). ඒ ඒ පුවත්පත් සමාගම්වලට මෙම දැන්වීම් සඳහා ගෙවා ඇති මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහත දැක්වෙයි.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව අධිකරණයට ගොස් ලැබුණු තීන්දුව සැඟවීම සඳහා ද කෝටි ගණන් මුදල් වියදම් කිරීමට සිදුවීම උත්ප්‍රාසජනක කාරණයක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් emanisa.lk වෙත ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස