මගේ ඇමති මණ්ඩලෙත් මම වගේම මහ පාරේ දුක් විඳින්න ඕන! – සජිත්

October 20, 2019 at 3:54 pm | by emanisa.lk

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී වංචා දූෂණයෙන් තොර අලුත් කණ්ඩායමක් පත් කිරීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“සජිත් ප්‍රේමදාසගේ රජයක් තුළ සුරසැප විදින්නේ ඔබ. මැති ඇමතිවරු නෙවෙයි.

මැති ඇමතිවරුන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම අපි අඩු කරනවා.

සජිත්ගේ ආණ්ඩුවක් තුළ මැති ඇමතිකම් දරන එක ඒ තරම්ම මිහිරි වෙන්නේ නෑ. ඒ තරම් සුභදායි වෙන්නේ නෑ.

මගේ ඇමතිවරු දරදිය කොටන් ඇදලා මහ පාරට බැහැලා මං වගේ දුක් විඳලා වැඩ කරන්න ඕනේ. දුක් විඳින එක මට බොහොම ලේසියි.

උදේ 4ට නැඟිටලා රෑ 10-11 වෙනකල් දිනපතාම නිවාඩු ගන්නේ නැතුව මම තමුන්නාන්සේලා වෙනුවෙන් උපරිම කැප කිරීම කරනවා.

කැබිනට් මණ්ඩලය පත් කරනකොට හොරකම් වංචා නොකරපු අවංක, පිරිසිදු, ජවසම්පන්න, ශක්ති සම්පන්න, රටේ ජනතාවට සෙත සළසන අලුත් කණ්ඩායමක් අපි පත් කරනවා.

පොදු ජනතාවට සහන සළසන සංවර්ධව මැෂිම සජිත් ප්‍රේමදාසයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස