මංගල අපේ පක්ෂයෙන් ගිය එක ආශීර්වාදයක්! දැන් අපි දිනලා ආණඩුවක් පිහිටුවීම ස්ථිරයි! – ෆොන්සේකා

June 20, 2020 at 11:32 pm | by emanisa.lk

මංගල සමරවීර සමගි ජන බලවේගයෙන් ඉවත් වීම සැඟව පැමිණි ආශිර්වාදයක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක සරත් ෆොන්සේකා සඳහන් කරයි.

සමරවීර මහතා ඇතුළු කිහිප දෙනකු ඉවත් වූවාට තම පක්ෂයට කිසිදු පාඩුවක් නැතැයි ද ඔහු පැවසීය.

මැතිවරණය ආසන්නයේ සංඝයා වහන්සේට බැණ වදින්නට පටන් ගත්තේ නම් රටේ විශාල ප්‍රශ්නයක් ඇති වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන බවත් පවතින ආණ්ඩුව ජනතාවට එපා වී ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස