පසුගිය ආණ්ඩුවේ වැරදිවලින් 99%ක් කළේ රනිල්! ජනපති අපේක්ෂක සජිත් ඒ වැරදිවල ගොදුරක් වුණා!

January 6, 2020 at 10:43 am | by emanisa.lk

පසුගිය රජය සමයේ සිදු වූ වැරදිවලින් 99%ක වගකීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අවධාරණය කළේය.

අද (05) කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සහය දැක්වූ කැළණිය ආසනයේ පාක්ෂිකයන් වෙනුවෙන් ස්තූතිය පළකිරීම සඳහා එම හමුව සංවිධානය කර තිබූ අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ යහපාලනය නමැති කොඩිවිනයක් හිසේ දමාගෙන ජනතාව අමතක කළ බවයි. අවශ්‍ය ආකාරයට පාක්ෂික ජනතාව බලාගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේය.

“යහපාලනය කියලා කොඩි විනයක් අපි ඔලුවේ දාගෙන ඒ හරහා අපි ජනතාව අමතක කළා. ඒකට සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕනේ. රජය කිව්වම එකෙත් 99% වගකීම පවරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට. රැකියා එහෙම නොදුන්නේ නැහැ දුන්නා. නමුත් සමහර ඇමතිවරු හත් අට දෙනෙකුට තමයි ඒක බෙදිලා ගියේ. ඒ අයගේ අමාත්‍යාංශවල,ගම්වල ආසනවල විතරක් දුන්නා. ඒ ආකාරයට අපේ රජය හුඟක් වැරදි කළා. ඒ වැරදිවල ප්‍රතිඵල ජනාධිපතිවරණයේ දී නෙළාගත්තා. ඒකේ ගොදුරක් වුණේ ජනාධිපති අපේක්ෂකයා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස