බාබර් කොණ්ඩෙ නොමිලෙ කපනවා! දොස්තරලා බෙහෙත් එක්ක සල්ලිත් දෙනවා! මගුලකට ගියාම අපට සල්ලි දෙනවා! පඩි නොගෙන ජීවත්වෙන්නේ එහෙමයි! – හඳුන්නෙත්ති සියල්ල හෙළිකරයි…. (video)

February 10, 2020 at 10:31 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිය වැටුප පක්ෂයට පරිත්‍යාග කරන තමන් නැවත පක්ෂයෙන් පඩි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තමන්ගේ කොණ්ඩය කපන්නේ නොමිලේ බවත් ලෙඩට දුකට බෙහෙත් ගන්න ගිය විට වෛද්‍යවරයා බෙහෙත් පමණක් නොව ෆාමසියෙන් යම් බෙහෙතක් ගන්න උවමනා නම් ඒ සඳහා මුදල් ද දෙන බව මන්ත්‍රීවරයා හෙළි කරයි.

වසර 20කට අධික කාලයක් තමන් අඳින්නේ සිය මිතුරන් ලබා දෙන ඇඳුම් බව ද ඔහු හෙළිදරව් කළේය.

මගුල් ගෙදරක ගියත් තමන් මුදල් නොදෙන බවත් තමන්ගේ පැමිණීමේ සතුට වෙනුවෙන් මගුල් ගෙදරින් තමන්ට මුදල් දෙන බවත් මළ ගෙදරක ගිය විට ගමේ පාක්ෂිකයන් වාහනයට පෙට්‍රල් ටික ගසා ගැනීමට මුදල් ලබා දෙන බවත් ඔහු හෙළිදරව් කළේය.

තමන්ගේ දුරකතන බිල ද ගෙවන්නේ විශ්වවිද්‍යාල මිතුරන් බවත් එහෙයින් පක්ෂයේ සෙසු පූර්ණ කාලීන සාමාජිකයන් මෙන් තමන් ජීවත් වන බවත් ඔහු වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස